
පහුර – පොසොන් පෝදා විශේෂ ව්‍යාපෘතිය
පහුර – මිත්‍රත්වයේ යාත්‍රාව පසුගිය පොසොන් පෝ දා විශේෂ ව්‍යාපෘතියක් දියත් කලා. එහි අරමුණ වුනේ අප බොහෝ දෙනෙක් නිදහසේ අත්වින්ද සුන්දර ළමා කාලය, තරමක් වෙනස් ආකාරයකට ගත කරන්න සිදුවෙලා තියෙන දරු දැරියන් පිරිසකට අලුත් අත්දැකීමක් ලබාගැනීමට අවස්තාව ඇති කිරීමයි. විවිධ හේතු කාරනා වල ප්‍රතිඵලයක් විදිහට කුඩා කාලය ළමා නිවාසයක ගතකරන්න සිද්ද වුනු දරුවන් පිරිසකට පොසොන් පෝය දා දන්සලක් දෙන්න අවකාශය නිර්මාණය කරන්න අපිට හැකි වුනා.
එවැනි අත්දැකීමක් හරහා ඔවුන්ට සමාජය හා මුසු වන්නටත්, මිනිසුන් අතර හැසිරෙන්නටත් තවත් අයෙකුට පිහිටක් වන්නටත් අවකාශයක් නිර්මාණය වුනා. අන් අයගේ උදව් උපකාර මතම යැපෙනවා යන හැඟීම දුරුකරන්නටත් එකිනෙකාට උදව් කිරීම සීමා මායිම් වලින් තොරවූවක් බවත් ඔවුන්ට අත්දැකීමෙන්ම පසක් වුනා. මෙහිදී දන්සල පවත්වන්නේ කවුරුන් විසින්ද යන්න අපි කිසිම ආකාරයකින් සඳහන් නොකල නිසා කිසිවෙකුගේ විශේෂ අවධානයක් ඒ දරුවන් කෙරෙහි යොමු උනේ නෑ. මේ නිසා ජීවිතේ මුල් වතාවට එවැනි අත්දැකීමක් නිදහසේ ලබන්නට ඔවුන්ට හැකි වුනා.
දන්සල අවසානයේ සිල් සමාදන් වූ බැතිමතුන්ට ධර්ම දානයක්ද සිදුකල එම දරුවන් විහාර භූමියේම භක්ති ගීත සංදර්ශනයක් ද පැවැත්වූවා. මේ සියල්ල සිදුවූයේ ළමා නිවාසය නියෝජනය කරන දරුවන් ලෙස ඔවුන්ව විශේෂකරනය කිරීමකින් තොරවයි.
වායෝ සංගීත කංඩායමේ සියලු සාමාජිකයින් අප හා එක් වෙමින් මේ කටයුත්තට ශක්තියක් වූ අතර සියලු දෙනා එක්ව ගීත ගායනා කර සන්ද්‍යාව තවත් රසවත් කලා. අවසානයේ වායෝ සංගීත කංඩායමේ සහය ඇතිව එදින සිදුකල සත් ක්‍රියාව අගයමින් තිළිණයක් ලෙස සියලුම දරුවන්ට පොත් බෙදාදීමට අපට හැකි වුනා.
මෙසේ පසුගිය පොසොන් පෝදා පහුර – මිත්‍රත්වයේ යාත්‍රාව ගම්පහ පිළිකුත්තුව රාජමහා විහාර පරිශ්‍රයේ දී සාර්ථක ලෙස දියත් කෙරුනා. මේ සෑම කටයුත්තක්ම බොහෝ යහපත් මිනිසුන්ගෙ දායකත්වය මතින් ශක්තිමත් වුනා. එසේ නොවන්නට මෙය යතාර්තයක් නොවන්නට ඉඩ තිබුනා. ආරම්භයේ සිට අප හා එක් වෙමින් නොයෙක් අයුරින් උපකාර කල ඔබ සැමට එහි අසීමිත ගෞරවය හිමි වෙනවා. සියලු දෙනාටම ස්තූතියි.
– පහුරෙ අපි –